April 20, 2024

ඖෂධ 60 ක මිල ඉහළ දමයි

මීට ඉහතදී  මිල අඩුකර තිබූ ඖෂධ වර්ග 60 ක මිල පෙරේදා (15) රාත්‍රීයේ සිට වැඩිකර තිබේ.

ඒ අනුව ඇල්බෙන්ඩසෝල් , ඇමොක්සලීන්,පැරසිටමෝල්,සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යාවශ්‍ය  ඖෂධවර්ග රැසක  මිල වැඩිකර ඇත.

ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 ක මිල රුපියල් 36.04 දක්වාද ,ඇමොක්සලීන් ක්ලැවුලීනික් ඇසිඩි මිලිග්‍රෑම් 156ක මිල රුපියල් 345.35 දක්වාද, ක්ලැරිත්‍රෝමයිසීන් මිලිග්‍රෑම් 125  රුපියල් 523.72 දක්වාද, ඇස්ප්‍රීන් මිලිග්‍රෑම් 75 රුපියල් 3.60 දක්වාද, ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 100 රුපියල් 6.37 දක්වාද,බෙක්ලොමෙතසෝන් මයික්‍රො ග්‍රෑම් 100 රුපියල් 609.61 දක්වාද ,ඉන්සියුලින් සොලියුබල් හියුමන් නික්ෂේපන රුලියල් 1372.80 දක්වාද වශයෙන් මිල ඉහළ නංවා තිබේ.

මෙලෙස මිල ඉහළ නංවන ලද ඖෂධ සියල්ල මීට ඉහතදී මිල පාලනයකට ලක්කරමින් මිල අඩුකර තිබූ ඒවාය.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්  මගින් එම ඖෂධවල මිල ඉහළ නංවා තිබේ.

Rate this item
(0 votes)