March 29, 2024

සිනමාව ගොඩගන්න ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ අනුග්‍රාහය

මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින සිනමා කර්මාන්තය උසස් රසවින්දනයකින් යුක්තව, නැවත නඟාසිටුවීම සඳහා රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව දැනට ක්‍රියාත්මකව පවතින සිනමාශාලා නවීන තාක්ෂණයෙන් සමන්විත කිරීම හා උසස් සිනමා කර්මාන්තයක් ඇති කිරීම සඳහා අවශ්‍යකරණ යටිතල පහසුකම්වලින් වැඩිදියුණු කිරීම, වැසී ගිය සිනමාශාලා නූතන සිනමා කර්මාන්තයට සරිලන ගුණත්වයෙන් යුතුව යළි ස්ථාපිත කිරීම සහ නව සිනමාහල් ආරම්භ කිරීම සඳහා සිනමාහල් හිමියන් අභිප්‍රේරණය කිරීමට ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා‘ ජාතික වැඩසටහන යටතේ සහණ ණය මුදල් ලබාදීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඉඩලය විසින් අනුමත කර තිබේ.

Rate this item
(0 votes)