March 29, 2024

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, 2019 මාර්තු 08 දිනට යෙදුණු කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් සහ පුහුණු සැසියක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම වැඩසටහන, 'Balance for Better' යන ජාත්‍යන්තර තේමාව යටතේ පැවැත්විණි.

දේශිකා රුද්‍රිගු විසින් 'Pathway to Leadership' යන මාතෘකාව යටතේ පවත්වන ලද අන්තර්-ක්‍රියාකාරී පුහුණු සැසියකින් වැඩසටහන ආරම්භ වූ අතර ඉන් අනතුරුව, දේශිකා රුද්‍රිගු, සිජි වාගීස් සහ ජයෝමි ලොකුලියන සහභාගී වූ විශේෂ සංවාද වැඩසටහනක් පැවැත්විණි.

මේ සියලුම දෙනා තම ක්ෂේත්‍රවල පරතෙරටම ගිය සාර්ථක කාන්තාවන් ලෙස පිළිගැනීමට ලක්වූ අය වෙති.   

Rate this item
(0 votes)