April 25, 2024

කොල්ලුපිටියට තට්ටු 6 ක කාර් පාක් එකක්

February 23, 2019

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Lee Hedges PLC, නවතම ව්‍යාපෘතියකට මුල පුරා තිබේ. ඒ අනුව නව යටිතලපහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් කොළඹ 03, ගාලු පාරේ, අංක 353 දරණ ස්ථානයේ දියත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සමන්විත වේ. එහි පළමු අදියර ලෙසින් මෝටර් රථ නැවැත්වීමේ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන අතර දෙවන අදියර ලෙසින් මෙම මෝටර් රථ ගාලට ඉහළින් වාණිජ සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිතය.

මෙහිදී ඉදිකිරීමට නියමිත කාර් පාක් ගොඩනැගිල්ල, තට්ටු 6 කින් යුක්ත වේ. එය මෝටර් රථ 186 ක් නැවැත්වීමට ඉඩපහසුකම් සපයනු ලබන අතර සමාගම විසින් රුපියල් බිලියන 1.1 ක ආයෝජනයක් මේ සඳහා කරනු ලබන බව Lee Hedges PLC විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

ඡායාරූපය - විදෙස් රටක ඇති බහු-මහල් මෝටර් රථ නැවතුම් මධ්‍යස්ථානයක්

Rate this item
(0 votes)