March 28, 2024

ජනවාරියේ සංචාරක පැමිණීම 2.2%කින් ඉහළට

February 12, 2019

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 2018 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2019 ජනවාරි මාසය වන විට 2.2% ක වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ලෙස වැඩ බාර ගනිමින් කිෂූ ගෝමස් මහතා පැවසීය.

2019 ජනවාරිය වන විට සංචාරකයන් 244,239ක් මෙරටට පැමිණ ඇති බව ද, එය 2018 ජනවාරියේ 238, 924ක් බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී ඊයේ (11) සිය තනතුරෙහි වැඩ බාර ගත්තේය.

Rate this item
(0 votes)