April 25, 2024

ශ්‍රී ලාංකිකයින්ට වෙනම ආගමන කවුළුවක් අවශ්‍යයි - හිරාන් කුරේ

February 09, 2019

මෙරට ගුවන්තොටුපල විශාල වශයෙන් භාවිත කරනු ලබන්නේ විදේශිකයින්ට වඩා ශ්‍රී ලාංකිකයින් විසින් බවත්, එබැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට ගුවන්තොටුපලේ වෙනමම ආගමන කවුළුවක් ස්ථාපිත කළ යුතු බවත් ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරා න් කුරේ මහතා පවසයි.

පෙරේදා (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික විද්වත් සංවිධානයේ සම්මන්ත්‍රණය අමතමින් කුරේ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හිරාන් කුරේ මහතා,

“අපි බොහෝ වෙලාවට කතා කරන්නේ සංචාරකයින් වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කරන්න. මම ඒක පිළිගන්නේ නැහැ. අපේ රට දියුණු කරන්න ඕනේ අපිට, සංචාරකයින්ට නෙමෙයි.“

“මම පත්තරෙන් දැක්කා, මිලියන 5 ක සංචාරකයෝ එනවා නම් එයාර්පෝට් එකට මොනවාද කරන්න ඕනේ කියලා. එයාර්පෝට් එකෙන් වැඩියෙන්ම යන්නේ කව්ද, අපි. තාම අපි රටට ඇතුල් වෙන කොට ශ්‍රී ලාංකිකයින්ට කියලා වෙනම ආගමන කවුළුවක් නැහැ. අපිත් ඉන්න ඕනේ ඒ එන සංචාරකයොත් එක්ක පෝළිමේ. ඇතැම් වෙලාවට විනාඩි 45 ක් නැත්නම් පැයක් ඉන්න වෙනවා.“

“වෙන ඕනම රටකට ගිහිල්ලා බලන්න, දේශීය පුද්ගලයින්ට වෙනම ආගමන කවුළු තියෙනවා. ශ්‍රී ලාංකිකයින් විදියට අපිට අපේ රටේ ප්‍රමුඛත්වය ලැබෙන්න ඕනේ. මේක මගේ රට. මේක අපේ රට. ඇයි අපි විදේශිකයෝත එක්ක පෝළිමේ ඉන්නේ. සංචාරකයින්ට වෙනම පෝළිමක් තියෙන්න ඕනේ. නමුත් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රමුඛත්වය ලැබිය යුතුයි.“

Rate this item
(1 Vote)