April 20, 2024

පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනයට සහන ණයක්

පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනය සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගිය 28දා දඹුල්ලේදී පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය අරඹමිනි.

මේ ආකාරයෙන් පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ ආනයනයට සේම ත්‍රීරෝද රථවලින් කුඩා මෝටර් රථවලට  මාරුවන පිරිසකට සහන ලබාදීම සඳහාද ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක බව අමාත්‍යවරාය පෙන්වා දෙයි.

අනපේක්ෂිත මොහොතක වූ දේශපාලන අර්බුදය හේතුවෙන් යම් පසුබෑමකට ලක් වුවද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ආරම්භ කරමින් වඩාත් කාර්යයක්ෂමව ඉදිරියට රැගෙන යාම දැන් ආරම්භ වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)