March 28, 2024

දිවයිනම ආවරණය කරමින් ස්මාට් සමාජ කව 870ක් - ICTA

ස්මාට් සමාජ කව (SMART SOCIAL CIRCLE) 870ක් මේ වනවිට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි  ස්ථාපිත කර අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

බස්නාහිර පළාත 141ක්, දකුණු පළාත 133ක්, ඌව පළාත 73ක්, නැගෙනහිර පළාත 61ක්, මධ්‍යම පළාත  127ක්, උතුරු පළාත 65ක්, උතුරුමැද පළාත 70ක්, වයඹ පළාත 135ක්, සබරගමුව පළාත 65ක් වශයෙන් මෙම ස්මාට් සමාජ කව ස්ථාපිත කර තිබේ.

ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා, ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් හි ප්‍රධාන අරමුණ වී ඇත.

Rate this item
(0 votes)