March 29, 2024

2018 දෙසැම්බර් උද්ධමනය සියයට 0.4ක් දක්වා පහළට

2018 දෙසැම්බර් මාසයේදී ලක්ෂ්‍යමය උද්ධමනය 0.4%ක් ලෙස වාර්තා කරමින් පෙර මාසයේ උද්ධනයට වඩා අඩු උද්ධමන අගයක් ගෙන ඇති බව මහ බැංකුව කියයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ලක්ෂ්‍යමය උද්ධමනය වාර්තා වී තිබුණේ 1.%ක් ලෙසිනි.

දෙසැම්බර් මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු පහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම හේතු වී ඇති අතර, ආහාර කාණ්ඩයෙහි නොවැම්බර් මාසයේ වාර්තා වූ -3.9% සිට දෙසැම්බර් මාසයේදී -4.5%ක් දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනයද නොවැම්බර් මාසයේ වාර්තා වූ 5.2% සිට දෙසැම්බර් මාසයේදී 4.7% දක්වා පහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)