April 18, 2024

ශ්‍රී ලන්කන් මගී විවේකාගාරයට නවතම සිනමා අත්දැකීමක්

කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලා සිටින ගුවන් මගීන්ට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ විවේකාගාරය තුළ දී නවතම සිනමා දර්ශන නැරඹීමේ අවස්ථාව ඊයේ (10) සිට උදා කර දී තිබේ .

ඇමෙරිකානු සහ ප්‍රංශ සමාගම් එක්ව හදුන්වා දී ඇති නවතම ස්කයි ලයිට් (Sky Light ) තාක්ෂණය ඔස්සේ වර්චුවල් රියැලිටි (VR) සිනමා අත්දැකීම ගුවන් මගීන්ට ලබා ගත හැකි වේ .

මේ මගින් අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඇලෝ ස්කයි (Allo Sky ) සහ ස්කයි කිඩ්ස් (Sky Kids) හෙඩ් සෙට් මගින් නවතම චිත්‍රපට , ටෙලි නාට්‍ය 2D , 3D සහ අති නවීන 360 View තාක්ෂණය ඔස්සේ කුඩා දරුවන්ට මෙන්ම , වැඩිහිටි ගුවන් මගීන්ටත් නරඹා රස විදිය හැක .

ඉදිරියේදී මෙම පහසුකම් දිගු දුර ගමනාන්ත කරා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙත ද හදුන්වා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය බලාපොරොත්තු වේ .

මෙම ත්‍රිමාන එච්.ඩී (HD) සිනමා රසාස්වාදනය ආසියානු කළාපයට පළමුවෙන්ම හදුන්වා දී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටවල් 48 ක ගමනාන්ත 111 කරා නවීනතම එයා බස් ගුවන් යානා මගින් පියා සැරීම සිදු කරයි .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)