April 25, 2024

සැහැල්ලු දුම්රිය පද්ධතියට ජපන් යෙන් බිලියන 200ක ණයක්

කොළඹ කොටුව බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධිතය සඳහා ජපන් යෙන් බිලියන 200.415ක ණය ගිවිසුමකට එළැඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ඒ සඳහා සාකච්ඡා පැවැත්විමට හා ගිවිසුමට එළැඹීමට මුදල් හා ජනනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16කින් සමන්විතය.

Rate this item
(0 votes)