March 29, 2024

රජයේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා සැකසූ මෘදුකාංග වෙනුවෙන් සම්මාන රැසක්

December 10, 2018

මෙවර පැවති 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍ර‍දානෝත්සවයේදී රාජ්‍ය අංශයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම වෙනුවෙන් සකස් කරන ලද මෘදුකාංග සහ යෙදවුම් වෙනුවෙන් සම්මාන බහුතරයක් හිමිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය,මොරටුව විශ්වවිද්‍යාලය,ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,         ශ්‍රී ලංකා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, කොළඹ විශ්වවිද්‍යාල්‍යායීය පරිගණක අධ්‍යයනායතනය සහ   ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය(මධ්‍යම පළාත) යන රාජ්‍ය ආයතන සදහා සකස් කරන ලද  මෘදුකාංග සහ යෙදවුම් වෙනුවෙන් මෙසේ සම්මාන හිමිකර ගෙන තිබේ.

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, ඉගෙනුම හා අධ්‍යාපනය, සුහුරු ජන ස්ථාපනය යන අංශ යටතේ තරගයට ඉදිරිපත් කරන ලද මෘදුකාංග හා යෙදවුම් මෙසේ සම්මාන හිමිකර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතන වෙනුවෙන් සම්මාන හිමිවු මෘදුකාංග සහ යෙදවුම් සකස් කර ඇත්තේ එම රාජ්‍ය ආයතන මගින්ම වීම තවත් විශේෂත්වයකි.

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම්  ජාතික වශයෙන්  ඇගැයීමට ලක් කිරීම වස් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ  අටවන වරටය.

සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා සහභාගිවු අතර එහිදී අදහස් දැක්වු ආරියරත්න මහතා සදහන් කළේ අතීත උරුමයන් හා දැනුම ඇසුරින් ඉදිරිය සකසා ගත යුතු බවත් විද්‍යා හා තාක්ෂණ දැනුම යොදා ගනිමින්  රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගතයුතු බවත්   සියළු බේද වලින් තොරව සමගි සම්පන්නව කටයුතු කිරීමේන්  රට ගොඩනැගිය හැකිවන බවත්ය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මෙහිදී සදහන් කළේ නව තාක්ෂණ යුගයට අප ගමන් කළ යුත්තේ  අතීත යහ ගුණ රැක ගනිමින් බවත් තාක්ෂණය සමග කටයුතු කිරීමේදී  ජනතා සිතුම් පැතුම් වලට අනුකූලව කටයුතු කිරීම  වැදගත් වන  බවත්ය.

 නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා මෙහිදී සදහන් කළේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට සමගාවීව ඩිජිටල් තාක්ෂණ  ක්ෂේත්‍රයද දියුණු කර ගතයුතු බවද එම ක්ෂේත්‍රයේ පුළුල් දෙස් විදෙස් වෙළද පොළක් ද පවතින බවයි.

 මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වු  නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවේ.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියුක්ති කර්යංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා යන  මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් ගෝල්ෆේස් හෝටලයේදී  සම්මාන ප්‍රදානය සිදුවිය.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 December 2018 11:36