April 24, 2024

යෝජිත දුම්රිය කෞතුකාගාරය රටට අවශ්‍ය ද?

December 10, 2018

කඩුගන්නාව දුම්රිය ස්ථානයේ දී 2014 වසරේ දී නව දුම්රිය කෞතුගාරයක් ඉදි කළ ද වසර 04ක් යනතුරු එය නියමිත ආකාරයෙන් නඩත්තු නොවූ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංධානයේ සම කඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ “යෝජිත දුම්රිය කෞතුකාගාරය රටට අවශ්‍ය ද? ” යන තේමාව යටතේ කොළඹ ඉදි කෙරෙමින් පවතින ජාතික දුම්රිය කෞතුකාගාරය ඉදි කිරීම සහ ඒ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිණි.

එහි දි වැඩිදුර අදහස් දැක් වූ ලාල් ආරියරත්න මහතා "අපේ පෞරාණික එංජින් අවුවට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරණ තත්ත්වයට පත් වුණා. ඒ අනුව ලංකාවේ තවත් රාජ්‍ය ආයතනයකින් අපට නොමිලේ ඔවුන්ගේ සීඑස්ආර් ව්‍යාපෘතියක් ලෙස කෞතුකාගාරයක් දුම්රිය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධවෙලා පරණ කෞතුකාගාරය තිබෙන ස්ථානයේ ම නව කෞතුකාගාරය ඉදි කෙරෙමින් පවතිනවා මෙම කෞතුකාගාරය කොළඹ තිබිය යුතුයි. සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන්නේ කොළඹට. විශාල ආදායමක් මෙමගින් දෙපාර්තමේන්තුවට උපයාගන්න පුලූවන්කම තිබෙනවා." යැයි පැවසීය.

Rate this item
(0 votes)