April 23, 2024

PMB රයිස් වෙළඳපොළට

November 30, 2018

වී අලෙවි මණ්ඩලය  PMB RICE” වෙළෙද නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙදපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

වී අළෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සහතික මිලට වී මිල දී ගැනීම සිදු කරන අතර, එය රට පුරා දිස්ති‍්‍රක්ක 19 ක  ගබඩා 220 කදී සිදු කෙරේ. මෙසේ මිල දී ගන්නා වී තොග ඉහළ ප‍්‍රමිතියකින් යුත් සහල් බවට පත් කර රට පුරා පාරිභෝගික ජනතාව අතරට පත්කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මගපෙන්වීමෙන් වැඩසටහන කි‍්‍රයාත්මක කෙරිණි.

වී අලෙවි මණ්ඩලය සහල් වෙළෙ`දපොළට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙය වන අතර ,සියයට සියයක්ම දේශීයයි, යන තේමාව යටතේ නිකුත් කෙරෙන මෙකි සහල් සැකසීම වෙළෙදපොළේ ඇති සහල් මිල පාලනය සදහා ගත් පියවරක් මෙන්ම පාරිභෝගිකයන් හට සහන මිලක් යටතේ හොදම සහල් මිල දී ගැනීමට මෙන්ම ගොවි ජනතාවගේ වී සදහා හොද මිලක් ලබාදීමේ අවස්ථාවකි.

ඉදිරියේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධන සංගම් මගින් පාරිභෝගික ජනතාව අතට PMB සහල් ලබාදීමට බලාපොරොත්තු වන අතර, එසේම රට තුළ සහල් අවශ්‍යතාවය අනුව පාරිභෝගිකයාට සාධාරණ මිලකට වෙළෙදපොළට ද නිකුත් කිරීමට අපේක්ෂිතය.

Rate this item
(0 votes)