April 25, 2024

කාර්මික නිෂ්පාදන දර්ශකයේ අඩුවීමක්

November 12, 2018

2017 සැප්තැම්බර්මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.7%ක අඩුවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.

තවද, 2018 සහ 2017 යනවර්ෂවල සැප්තැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 106.9 ක් සහ 107.7 ක් වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 සැප්තැම්බර් මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින් මෙම තොරතුරු අනාවරණය කරයි.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. කාර්මික නිෂ්පාදනදර්ශකය  ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමේදී හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමේදී වැදගත් වන මිණුමක් වේ.මෙම දර්ශකය නිෂ්පාදන කර්මාන්තයන්හි නිෂ්පාදන ප්‍රමාණය පාදක කර ගනිමින් සකසා ඇත.

2017සැප්තැම්බර් මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2018සැප්තැම්බර්  මස 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටේලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආභරණ නිෂ්පාදන), 'රෙදි  නිෂ්පාදනය', සහ'බීම වර්ග',වල පිළිවෙලින්20.8%, 14.6% සහ 11.0% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ.

එසේ වූවත්, 'දුම්කොළ හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ', 'කඩදාසි හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන' සහ 'විදුලි උපකරණ නිෂ්පාදනය' වල 2017 වර්ෂයේ සැප්තැම්බර්මස නිෂ්පාදනයට සාපේක්ෂවපිළිවෙලින් 23.0%, 22.2% සහ 17.0% ක අඩුවීමක් වාර්තා විය.

2018සැප්තැම්බර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනය ද2.2% ක අඩුවීමක් වාර්තා කරයි.

කාර්තුමය වශයෙන් සැලකූ විට 2018 වර්ෂයේ තෙවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 0.2% කින් වර්ධනය වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 November 2018 09:54