April 24, 2024

සම්පත් බැංකුව වැවට බසී

“වැවට ජීවයක්” යන තේමාව යටතේ අක්කර 29ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති දෙමටවමහවැව ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර සම්පත් බැංකු සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. 

වැවට නව ජීවයක් ලබාදෙමින් වර්තමානයත්, අනාගත පරපුරත් සුරක්‍ෂිත කරමින් ස්වයංපෝෂිත දේශයක් බිහි කිරීමේ උදාර මෙහෙවරෙහි පෙරමං තනන්නට සම්පත් බැංකුව සමත් විය.

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගනිමින් ගොවි පවුල් 200කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වන එම ප්‍රදේශයේ කුඹුරු අක්කර 100කට වඩා වැඩි ප්‍රමාණයක් අස්වැද්දවීමට දෙමටවමහවැව උපයෝගී කරගත හැකිය. 

නමුත් මෑත කාලීනව කිසිදු ප්‍රතිසංස්කරණයක් නොවීම හේතුවෙන් දැනට එක් කන්නයක පමණක් කුඹුරු අස්වැද්දවීමට දායක වන දෙමටවමහවැව අනාගතයේදී යල මහ කන්න දෙකම වගා කිරීමට අවශ්‍ය ජලය සැපයිය හැකි පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සම්පත් බැංකුවේ අරමුණ වෙයි.

Rate this item
(0 votes)