March 29, 2024

BOI සභාපති හේමසිරි ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඔහු මේ වන විට ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන අතර එයට අමතරව මෙම පත්කිරීම සිදුකර තිබේ.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කරනු ලැබූ අතර පසුගියදා එම බැංකුව,ලංකා බැංකුව හා ශ්‍රී ලකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා කටයුතු කිරීමත් සමගින් ඔහු එම තනතුරින් ඉවත් විය.

ජනපතිවරයා එම ආයතන තුනේ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කරේ එහි සිදුවූ දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් බව වාර්තා විය.

හේමසිරි ප්‍රනානදු මහතා රජයේ ප්‍රධාන ආයතන කිහිපයකම සභාපති තනතුර දැරූ පුද්ගලයෙකි. ඒ අතර ස්වාධීන රූපවාහිනී සේවය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකෝම් සමාගමද විය. එසේම ඔහු වසර කිහිපයක් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙසද කටයුතු කළේය.

Rate this item
(0 votes)