March 29, 2024

ජනපති නියෝගයෙන් BOC, BOI සහ මහජන බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී

අද(18) සිට ක‍්‍රියාත්මක වන පරිදි මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ‍්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදල ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ වංචා හේතුවෙන් ඒවා ප‍්‍රතිව්‍යුහගත කිරීම ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පැවසී ය.

ඒ අනුව එම ආයතනවල අක‍්‍රමිකතා පිළිබදව වෙන වෙනම පරීක්ෂණ ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයෙකු වන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා යටතේ මෙම රාජ්‍ය බැංකු ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)