April 19, 2024

Lanka Hospitals ශාඛාවක් සීෂෙල්හි විවෘත කරයි

සීෂෙල්ස් රාජ්‍ය සහ ශ‍්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සීෂේල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) පස්වරුවේ සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

සීෂෙල්ස් හි සෞඛ්‍ය සේවය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ සහය ලබාදීම සිදු කෙරෙන අතර එම කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලීය.

රෝහල වෙත වෛද්‍ය උපකරණ සහ ඖෂධ පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මේ අතර Lanka Hospitals නව ශාඛාවක් සීෂෙල්හි විවෘත කිරීම අද සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

Rate this item
(0 votes)