April 20, 2024

ඩොලරය රු. 171 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ (04) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ ( 04) දිනයේ දී එය පළමු වරට රු. 171 සීමාව ඉක්මවා ගියේය.

මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බව පසුගිය දා (02) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

Rate this item
(0 votes)