April 20, 2024

බුලත්විටක මිලත් ඉහළට

September 25, 2018

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කොට තිබේ.

ඒ අනුව දිවයින පුරා රුපියල් තිහකට අලෙවි වූ බුලත්විටක් රුපියල් 40 කට අලෙවි කරන බව ජනතාව පවසති.

පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් වන බවත් නිෂ්පාදකයෝ පවසති. දිනෙන් දින සියලුම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය ද බුලත් විටක මිල වසර ගණනාවක සිට රුපියල් තිහකට අලෙවිකළ බවත් ඔවුන් පවසති.

නිෂ්පාදන වියදම අධික වීම හේතුවෙන් බුලත්විට අලෙවි කිරීම තුලින් පාඩු සිදුවන බවත් එම නිසා රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදු වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටිති.

දිවයිනේ බුලත්විට අලෙවි කිරීම රැකියාවක් කර ගත් අතිවිශාල පිරිසක් සිටිති. එමෙන්ම අමතර රැකියාවක් ලෙස බුලත්විට අලෙවි කිරීම් කටයුතු කරන පිරිස් ද විශාල වශයෙන් දිවයින පුරා විසිරී සිටිති.

බුලත්විට සැපීම අතීතයේ සිට පැවතුණු එකක් බවත් එහෙත් මේ දිනවල තරුණ කණ්ඩායම් වැඩි වශයෙන් බුලත් විට සැපීම හේතුවෙන් ඒ ඉල්ලුම වැඩිවී ඇතැයි  ව්‍යාපාරිකයෝ කියති.

Rate this item
(0 votes)