March 29, 2024

රෙදි පිලිවල වැට් බදු පහළට

September 18, 2018

ආනයනික රෙදි පිළි මත පනවා තිබූ වැට් බද්ද සියයට 10කින් අඩු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව ආනයනික රෙදි පිළි මත පනවා තිබූ සියයට 15 වැට් බද්ද ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 දක්වා අඩු කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
රෙදි පිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් සලකා බලා වැට් බද්ද පහත දමන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Rate this item
(0 votes)