March 28, 2024

කොළඹ ජාත්‍ය­න්තර පොත් ප්‍රද­ර්ශ­නය 21දා සිට

September 16, 2018

20 වන වරටත් සංවිධානය කර තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය CIBF පැවැත්වෙන සැප්තැම්බර් 21-30 දින 10 ක කාලය තුළ දී පොත්වලට ආදරය කරන මිලියන 1.5 ක පමණ ජනතාවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට BMICH පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සැප්තැම්බර් 21දා ඇරඹෙන මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයින් 200 කට වැඩි පිරිසක් සහභාගී වන අතර අලෙවි කුටි ප්‍රමාණය 400 කට අධිකය. මින් 40 ක් විදේශීය පොත් අලෙවි කුටි වේ. මෙම පොත් ප්‍රදර්ශනය සැලකෙන්නේ මෙරට සිදුකරන විශාලතම වාර්ෂික පොත් ප්‍රදර්ශනය ලෙසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා සෑම දිනකම උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැය 12 ක කාලයක් විවෘත වේ. සංවිධායකවරුන් පවසන්නේ මෙවර පොත් ප්‍රදර්ශනයට අනුබද්ධව විදේශ විශ්වවිද්‍යාල ඇතුළුව ප්‍රදර්ශකයින් 30 දෙනකු සහභාගී වන අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බවයි.

Rate this item
(0 votes)