April 25, 2024

ඔක්සි සන්නාම තානාපති ලෙස හේමාල් රණසිංහ පත්වෙයි

යොවුන් පරපුරේ ආකර්ෂණය දිනාගත් සම්මානලාභී ශ‍්‍රී ලාංකේය සිනමා නළු, නර්තන සහ මෝස්තර නිරුපණ ශිල්පී හේමාල් රණසිංහ පිරිමින් සඳහාම වන සම සුරකින ආලේපන විශේෂයක් වන ඔක්සි (OXY) සන්නාම තානාපති ලෙස පත්වී සිටියි.

ශ‍්‍රී ලාංකීය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට විශ්වාසනීය අයුරින් තම සම රැක ගැනීමේ වැදගත්කම පෙන්වාදීම සිය ප‍්‍රධානතම මෙහෙවර කරගත් රෝතෝ මෙන්තොලේටම් ලංකා (පුද්) සමාගම විසින් ඔක්සි නිෂ්පාදන ආනයනය කිරීම හා ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රවර්ධනය කිරීම සිදු කරයි.

රෝතෝ මෙන්තොලේටම් ලංකා සමාගමෙහි මව් සමාගම ජපානයේ ඔසාකා නුවර පිහිටා ඇති රෝතෝ ෆාමර්සියුටිකල් සමාගමයි. 1899 දී ආරම්භ කරමින් 119 වසරක් පුරා විශේෂඥ දැනුමක් සහිතව ජපානයේ විශාලතම සෞඛ්‍යාරක්ෂක පාරිභෝගික නිෂ්පාදන සමාගමක් බවට පත්වීමට රෝතෝ සමාගම සමත්වී ඇත. ජාත්‍යන්තර වෙළඳපලෙහි ඉහලටම ගමන් කරමින් එම සමාගම රටවල් 157ක සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර, ශ‍්‍රී ලංකාව එහි 156 වැනි රට බවට පත්විය. රෝතෝ මෙන්තොලේටම් ලංකා (පුද්) සමාගම Mentholatum Acnes, LipIce, SunPlay සහ OXY වෙළඳ සන්නාමයන් සමඟ ශ‍්‍රී ලංකාවේ වෙළඳපොලට ඇතුළු වී පසුගිය වසර කිහිපය පුරාවටම පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් තම මෙහෙවර සාර්ථකව ව්‍යාප්ත කරයි.

පිරිමින්ගේ විවිධ වූ සමෙහි අවශ්‍යතාවයන් හා ජිවන රටා මනාව හඳුනාගෙන ඇති ධඞශ සන්නාමය, ඊට සරිලන පරිදි එකිනෙකට වෙනස් ප‍්‍රභේද 4කින් ෆේස් වොෂ් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වාදී ඇත.

OXY Whitening සම මත රැඳුණු කුණු දුවිලි හා මැරුණු සෛල ඉවත් කරමින් සම පැහැපත් කර ඒකාත්මක බවක් ලබා දෙයි.

කුරුලෑ ඉවත් කිරීම අවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් OXY Active මගින් අනවශ්‍ය තෙල් ඉවත් කරන අතර තෙල් රහිත පැහැදිලි සමකට කදිම විසඳුමකි.

OXY Deep නිෂ්පාදනය දුහුවිලි හා කුණු බැඳීම වළක්වන ස්ක‍්‍රබ් ආලේපනයක්වන අතර සිසිලක් සහිත මෙම ආලේපනය සමට දීප්තියක් ලබා දෙයි.

විටමින් වර්ගවලින් සාරවත් OXY Scrub ප‍්‍රකෘතිමත් සහ ප‍්‍රබෝධමත් සමකට කදිමය.

කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටද තම සම සුරැකීමේ වැදගත්කම තව දුරටත් පෙන්වා දෙමින් නුදුරු අනාගතයේ ඔක්සි හරහා සම්පුර්ණ සම සුරැකුම් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වාදීම රෝතෝ මෙන්තොලේටම් හි අනාගත අභිමතාර්ථයයි

Rate this item
(0 votes)