March 28, 2024

පොල් මිල ඉහළට

මේ සතියේ පොල් වෙන්දේසියේදී පොල් මිල සියයට 6 යි දශම 4 කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

පසුගිය සතියේදී පොල් දහසක මිල රුපියල් 30,793 ක් ලෙස සටහන් වූයේ සියයට 30 ක මිල අඩුවීමක් සලකුණු කරමින්ය.

එහෙත්, මේ සතියේදී පොල් දහසක මිල රුපියල් 32,770 ක් ලෙස සටහන් වී තිබේ.

මෙවර කොළඹ පොල් වෙන්දේසියට පොල් ගෙඩි නව ලක්ෂ 72,772 ක් ඉදිරිපත් වූ අතර ඉන් පොල් ගෙඩි හත්ලක්ෂ 87,987 ක් අලෙවි වී තිබේ.

මේ වසර මුලදී නියඟය නිසා පොල් නිෂ්පාදනය පහත වැටීමත් සමඟ සැකසූ පොල් නිෂ්පාදන කම්හල් වසා දැමීම, පොල් සඳහා ඉල්ලුම පහත වැටීමට බලපා ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත්, මේ වසරේදී පොල් නිෂ්පාදනය සියයට 20 කින් ඉහළ යනු ඇති බවටයි පොල් පර්යේෂණ ආයතනය අපේක්ෂා කරයි.

Rate this item
(0 votes)