April 19, 2024

ඇමැති තිගාම්බරම්ගෙන් "කඳුරට නවෝදය" නමින් පත්තරයක්

“කඳුරට නවෝදය” ලෙස කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නිල පුවත්පත එළි දැක්වීම ලේක් හවුස් ආයතනයේදී අද  (30) සිදු කෙරිනි.

අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම් රංජිනි නඩරාජපිල්ලෙයි මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙන්ම ලේක්හවුස් ආයතනයේ නිළධාරීන්ද මෙම අවස්ථාවට එක් විය.

“කඳුරට නවෝදය” නිල පුවත්පතේ සිංහල පිටපත් දිණමිණ ජාතික පුවත්පත සමඟින්ද, දමිළ පිටපත තිනකරන් පුවත්පත සමඟ ද මාසිකව සම්පාදනය කර බෙදාහැරීමට නියමිතය.

රජය විසින් සිදුකරණ සංවර්ධන වැඩසටහන් ජනතාව අතරට රැගෙන යාමට අපොහසත් වීම වත්මන් රජය ලද පරාජයක් බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය  පලනි තිගාම්බරම් මහතා මෙහිදී කියා සිටියේය.

මෙවැනි පුවත්පතක් එළි දැක්වීම තුළින් තම අමාත්‍යාංශය මඟින් වැවිලි ප්‍රජාවට සිදුකර ඇති සංවර්ධන කාර්යයන් පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)