April 20, 2024

ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් බලපත්‍රය අහෝසියි

මුල්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය ‘‘ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (25) අවලංගු කරන ලදී.

බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස පවත්වාගෙන ගිය ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2008 වසරේ සිට මුල්‍ය අර්බුදයකට ලක්වූ අතර ඉකුත් වසර දහයක කාලය පුරාම තැන්පත්කරුවන්ට සිය තැන්පත් මුදල් නැවත ගෙවීමට නොහැකි වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

‘‘ද ස්ටෑන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්‘‘ ආයතනයේ බලපත්‍රයට අමතරව කල්බදු මුල්‍ය කටයුතු කර ගෙනයෑමට ලබාදී තිබූ ලියාපදිංචි සහතිකයද අවලංගු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

 

Rate this item
(0 votes)