April 25, 2024

ඉන්දියාවෙන් රු. බිලියන 2ක සිලින්ඩර මිලදීගන්න ලිට්‍රෝ සමාගමට අවසර

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කෙරෙන ගෑස් සිලින්ඩර මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කරනු ලබන ආරක්ෂිත වෑල්ව සහිත හිස් LP ගෑස් සිලින්ඩර 656,298ක් (විවිධ ප්‍රමාණයේ සිලින්ඩරවලින්), අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ M/s. Mauriya Udyog Ltd. වෙතින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මිල දී ගැනීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 July 2018 14:03