April 20, 2024

ඉදිරි මාස 06 තුළ සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට

ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම අගය වන බවත්, ඉදිරි මාස 06 තුළ සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ලංකා සතොස වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති උත්සවයකදීය.

Rate this item
(0 votes)