April 25, 2024

අද සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70

රට පුරා වෙසෙන ධීවරයන් ට සහනයක් වශයෙන් සලකා ඉහළ දමන ලද භූමි ‍තෙල් මිල ලීටරයක මිල අද (11)  සිට රුපියල් 70 ක්  බව ධීවර හා ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පැවසීය. 

ඊයේ (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය ඇමතිවරයා  මේ පිළිබඳව පැවසුවේය.

මෙරට ධීවර ප්‍රජාව විසින් පසු ගිය සති කිහිපය පුරා කරනු ලැබූ ඉල්ලීමකට අනුව ජනාධිපති තුමාගේ හා අගමැති තුමාගේත් උපදෙස් මත ධීවර ඇමති විජිත මුණි සොයිසාගේ සහ තමාගේත්  ඉල්ලීම මත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ,ලීටරයක් රුපියල් 70 මිලකට ලබා දීමට එකග වූ බව බවද වැඩිදුර අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Rate this item
(0 votes)