April 25, 2024

අලූත්ම Peugeot 5008 SUV රථය මෙරටට හඳුන්වා දෙයි

නවතම Peugeot 5008 SUV රථය ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දීමට, Peugeot රථවාහන සඳහා මෙරට නිල නියෝජිතයන් වන Carmart සමාගම මෑතකදී කටයුතු කළේ ය. ජාත්‍යන්තර සම්මාන වලින්ද පිදුම් ලබා ඇති මෙම රථය ලොව පුරා රථවාහන ලෝලීන් අතර ජනප‍්‍රිය වී ඇත. Peugeot 5008 SUV රථය එම සමාගමේ ආසන 7 රථවාහන අතර වැඩිම ජනප‍්‍රියත්වයක් හිමිකරගත් රථය ලෙස සැලකේ.

පසුගිය දශකයක පමණ කාලය තුළ ලොව පුරා SUV රථ අලෙවිය බෙහෙවින් ඉහළ ගොස් ඇති අතර ලොව පුරා පාරිභෝගිකයෝ අලංකාර ඇතුළත නිමාවන් සමග ශක්තිමත් බාහිර නිමාවන් සහිත රථවාහන සඳහා වැඩියෙන් ආකර්ෂණය වී සිටිති. ශ‍්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයන් සහ මහාමාර්ග වල තත්ත්වයන් සලකන විට SUV රථ යනු මෙරටටද ඉතාම හොඳින් ගැළපෙන රථ වර්ගයක් බව පෙන්වා දිය හැක.

ප‍්‍රංශයේ Peugeot සමාගමේ අතිනවීන කර්මාන්තශාලාවේ නිපදවනු ලබන Peugeot 5008 SUV රථය දැනටමත් 'What Car - Best Large SUV in 2018' වැනි සම්මාන වලින් පිදුම් ලබා ඇත. 'What Car?' යනු එක්සත් රාජධානිය පදනම් කරගත්, රථවාහන සම්බන්ධ සඟරාවක් සහ වෙබ් අඩවියක් වන අතර සෑම වසරකම ජනවාරි මාසයේදී ඔවුන් විසින් එක් එක් කාණ්ඩ වල විශිෂ්ටතම රථ සහ සමස්තයක් ලෙස වසරේ විශිෂ්ටතම රථය තෝරා ඇගයීමට ලක්කරයි.

අලංකාර, අතිනවීන නිමාව සහ මුළු පවුලටම ගමන් බිමන් යා හැකි මට්ටමට ඉඩපහසුව තිබීම යනාදී සාධක නිසා Peugeot 5008 SUV මෙසේ ඇගයීමට ලක්වී තිබේ. ‘i-Cockpit’ ඇතුළත නිමාව වැනි අතිනවීන අංග මෙන්ම නව පරපුරේ SUV රථවල මූලික අවශ්‍යතා ලෙස සැලකෙන අංග රාශියක් ඇතුළත් කර මෙම රථය නිෂ්පාදනය කර ඇත. ආසන 7 කින් සමන්විත එහි මුල් ආසන පේළි දෙකෙහි වැඩිහිටියන් 5 දෙනෙකුට ඉතාම පහසුවෙන් අසුන්ගත හැකි අතර පසුපස පේළියේ දරුවන්ට අසුන්ගත හැකි වේ. මෙම පසුපස ආසන හැකිළිය හැකි නිසා දුර ගමන් වලදී වැඩි වශයෙන් බඩුබාහිරාදිය රැුගෙන යාමට හැකිවීමද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

ශ‍්‍රී ලංකාවේ බදු සීමාවන් අනුව සහනදායී මිලකට මෙය අලෙවි කිරීමට හැකිවන අතර එබැවින් මෙය මෙරට අඩුම මිලකට මිලදීගත හැකි SUV රථ වලින් එකක් බවට පත්වනු ඇත. හඳුන්වාදීමේ කාලසීමාව තුළ මෙය රු. මිලියන 9.9 සිට ඉහළට මිලදීගත හැකි වේ. පහසුවෙන් පැදවීමේ හා හැසිරවීමේ හැකියාව, ඉදිරිපස හා පසුපස පාකින් සෙන්සර්, පසුපස දර්ශනය වන කැමරාව වැනි විශේෂාංග රාශියක්ද මීට ඇතුළත් වී ඇත.

මෙම විශේෂාංග අතරන් වඩාත්ම කැපීපෙනෙන අංගය ලෙස සැලකිය හැක්කේ i-Cockpit විශේෂාංගයයි. හුරුබුහුටි සුක්කානම, 8’’ ටච්-ස්ක‍්‍රීන් තිරයක් සහිත ඩෑෂ්බෝඞ් එක, අඟල් 12. High-resolution digital Head-up display වැනි විශේෂාංග රැසකින් සමන්විත මෙය කාගේත් සිත් වසඟ කරනු නොඅනුමාන ය.

Peugeot 5008 SUV රථයේ බාහිර පෙනුමද නිමවා ඇත්තේ බෙහෙවින් කැපීපෙනෙන පරිද්දෙනි. වෙන වෙනම සවිකර ඇති, එහාමෙහා කළ හැකි ආසන දෙවන හා තුන්වැනි පේළි වල යොදා ඇති අතර අවශ්‍ය නම් පසුපස පේළියේ ආසන ගලවා ඉවත් කළ හැකි වේ. තවද මීටර් 3.2 ක් දක්වා දිගු භාණ්ඩ රැගෙන යාමට අවශ්‍ය වන අවස්ථාවන් සඳහා ඉදිරිපස මගී ආසනයද හැකිළිය හැකි ලෙස සකස් කර තිබීම විශේෂත්වයකි.

මෙම මිල කාණ්ඩයේ අනෙකුත් බොහෝ රථවාහන වල ඇති අංග වලට වඩා සුවිශේෂී අංග රාශියක් Peugeot 5008 SUV තුළ ඇතුළත්වී තිබේ. තවද එහි බඳ සම්බන්ධ වසර 12 ක වගකීමක් සහ කාලීන නඩත්තු සඳහා වසර 4 ක නොමිලේ නඩත්තු කාලසීමාවක් ලබාදීමටද Carmart සමාගම කටයුතු යොදා ඇත.

වැඩිදුර විස්තර සඳහා 0114 400800 අංකයෙන් Carmart සමාගම අමතන්න.

Rate this item
(0 votes)