March 29, 2024

විද්වත් කාන්තා වෘත්තිකවේදීන්ගේ සම්මාන උළෙල අටවැනි වරටත්

කාන්තා කළමනාකරණ ආයතනය (WIM) සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එක්ව සංවිධානය කරනු ලබන ‘2018 විද්වත් කාන්තා වෘත්තිකවේදීන්ගේ සම්මාන උළෙල’ සඳහා අයදුම්පත් බාර ගැනීම මේවන විට ආරම්භ කර ඇත. මේ සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරෙනුයේ අටවැනි වරට වන අතර, අනෙක් පිරිස දිරිමත් කරමින් සිය වෘත්තීය, ව්‍යාපාරික සහ එදිනෙදා ජීවිතය සාර්ථකත්වය කරා ගෙන ගිය ශ්‍රී ලාංකීය කාන්තාවන් මෙමගින් ඇගයුමට ලක්කෙරේ.

IFC ආයතනය මේ සම්මාන උළෙල සඳහා WIM ආයතනය සමඟ අත්වැල් බැඳ ගනුයේ අඛණ්ඩව හතරවන වරටය. ආයතනවල කළමනාකාරීත්වය තුළ සේවය කරන සුළු පරිමාණ ව්‍යාපාරවල නිරත හෝ එවැන්නක සේවය කරන කාන්තාවන්ගේ කුසලතා වර්ධනය සහ ඔවුන්ට අවශ්‍ය පුහුණු අවස්ථා හිමිකරදීම සඳහා IFC සහ WIM ආයතන එක්ව කටයුතු කරයි. ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගයෙන් යුතුව IFC ආයතනය දියත් කරනු ලබන ‘වෘත්තීය කාන්තා වැඩසටහනේ’ එක් අංශයක් ලෙස මේ ව්‍යාපෘති දියත් කෙරේ.

Rate this item
(0 votes)