March 29, 2024

ක්‍රිකට් පිටියට Smart Watch තහනම්

ක්‍රීඩකයින් හෝ තරඟ නිලධාරීන් හට තරඟයක් අතරතුර දී ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳීම තහනම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මාධ්‍ය නිවේදනයක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව කියා සිටී.

එම නිවේදනයයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන්ට අනුව (Player and Match Officials Area (PMOA) Regulations) තරඟය පැවැත්වෙන බලප්‍රදේශය තුළ දී ස්මාර්ට් අත්ඔරලෝසු පළඳා ක්‍රිඩා කිරීමට අවසර නොමැති බවයි.

තරඟ කාලසීමාවේ දී ක්‍රීඩකයින් හා තරඟ නිලධාරීන් හට සන්නිවේදන උපකරණ භාවිතය හා ලඟ තබා ගැනීම තහනම් වන බව ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන් තුළ පැහැදිලිව දක්වා ඇති බැවින් වර්තමානයේ දී සන්නිවේදන උපකරණ ගණයෙහිලා සැලකෙන ස්මාර්ට් අත්ඔරලෝසු මේ අනුව තහනම් වනු ඇත.

මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර සිටින්නේ, ස්මාර්ට් අත්ඔරලෝසු හරහා ජංගම දුරකතනයකට හෝ අන්තර්ජාලයට සම්බන්ධ වී පණිවුඩ ලබා ගත හැකියාව තිබෙන බැවින් තරඟ දිනයේ දී මෙවැනි උපකරණ පිටියට ගෙන ඒමට කටයුතු නොකිරීමට ක්‍රීඩකයින් හා තරඟ නිලධාරීන් වගබලා ගත යුතු බවයි.

ඊයේ (27) අවසන් එංගලන්තය හා පකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර දී පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අසාඩ් සෆීක් සහ බාබරා අසාම් ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳ ක්‍රීඩා කිරීමත් සමඟම මේ පිළිබඳ කතාබහ ඇතිවිය.

Rate this item
(0 votes)