April 25, 2024

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්‍ය ප‍්‍රගතිය මත ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වැටුප් 2018 – 2019 වසරේදී සියයට තිස්හතරකින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

කොන්ත‍්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති කී‍්‍රඩකයන් තිස්තුන් දෙනාහට මේ වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්, එක්දින හා 20- 20 තරග දීමනාද වැඩි කෙරෙනු ඇත.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගිය වසරේදී විශාල ලෙස ලාභ ලැබුවා. මෙයට ප‍්‍රධාන වශයෙන් හවුල්කරුවන් වූයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ කි‍්‍රකට් කී‍්‍රඩකයිනුයි. ඔවුන්ගේ සේවාවට කෘතගුණ සැළකීමක් ලෙස වැටුප් වැඩි කිරීමට තීරණය කළ බව කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

කොන්ත‍්‍රාත් ගිවිසුම් සඳහා කී‍්‍රඩකයන් ‘ඒ’ ‘බී’ ‘සී’ ‘ඞී’ සහ පි‍්‍රමියර් යනුවෙන් කොටස් පහකට බෙදා තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් හා දිමුත් කරුණාරත්න ‘ඒ’ කාණ්ඩයටත් උපුල් තරංග හා දිල්රුවන් පෙරේරා ‘බී’ කාණ්ඩයටත් අයත් වෙති.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා හා තිසර පෙරේරා ‘සී’ කාණ්ඩයට අයත්ය. ‘ඞී’ කොටසට අයත් වන්නේ අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප‍්‍රදීප් ය.

මේ අතර පි‍්‍රමියර් අංශයට අයත්වන කී‍්‍රඩකයන් වනුයේ සධීර සමරවික‍්‍රම, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු ගමගේ, විශ්ව ප‍්‍රනාන්දු, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩසේ, දසුන් ශානක, කෞෂල්‍ය සිල්වා, ෂෙහාන් මධුශංඛ, ළහිරු කුමාර, මලින්ත පුෂ්පකුමාර, අමිල අපොන්සු, වනිදු හසරංග, ඉසුරු උදාන හා ඩිල්ෂාන් මුණවීර ය.

Rate this item
(0 votes)