April 19, 2024

තවත් 400කට ද්විත්ව පුරවැසිභාවය

විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදනය කිරීම අද(16) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී මෙම පිරිසට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරෙන බව ආගමන විගමන පාලක ජනරල් එම්.එන්. රණසිංහ මහතා පවසයි.

පසුගිය වසර 03 තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 3,200ක් පමණ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසූ බව රජයේ නිලපුවත් වෙබ් අඩවිය සඳහන් කර සිටී.

Rate this item
(0 votes)