April 16, 2024

MAS සම්මාන 11කින් පිදුම් ලබයි

2018 අප්‍ර්ල් 08, කොළඹ: අපනයන ඇඟළුම් ක්ෙෂ්ත්‍රයේ කළාපීය ප‍්‍රමුඛ ආයතනයක් වූ මාස් හෝල්ඩිංග්ස් සමාගම පසුගියාද පැවැත්වූ JASTECA සම්මාන උළෙලේදී සම්මාන 11ක් දිනා ගනිමින් සිය විශිෂ්ඨත්වය තවදුරටත් තහවුරු කිරීමට සමත්විය. 5S, කයිසන් සහ සමාජ සත්කාරක වැඩසටහන් තුළින් ස්ථාවරත්වයට පත්වුණු ආයතනය හඳුනා ගැනීම සඳහා පවත්වනු ලබන මෙම තරඟය, ජපන් ශ‍්‍රි ලංකා තාක්‍ෂණික සහ සංස්කෘතික සම්මේලනය (JASTECA) මගින් සංවිධානය කරණු ලබන්නකි.

දේශීය මහා පරිමාණ තරඟකරුවන් අභිබවමින් JASTECA සම්මාන උළෙලේදී සිය කීර්තිය තහවුරු කරගත් MAS ආයතනය, එහිදී Taiki Akimoto 5S රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන, Nagaaki Yamamoto KAIZEN රිදී සහ කුසලතා සම්මාන මෙන්ම, ආයතනික සමාජ සත්කාරක සහ තිර පැවැත්ම සඳහා වන ඉයන් ඩයස් අබේසිංහ අනුස්මණ JASTECA CSR /Sustainability ලෝකඩ සහ කුසලතා ගෞරව සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

දේශීය පෝෂිත නිෂ්පාදන (Lean manufacturers) ඛාණ්ඩය කේන්‍ද්‍ර කරගනිමින් එහි 5S ක‍්‍රියාවලිය හා සම්බන්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික සම්මාන උළෙල ලෙස JASTECA 5S සම්මාන උළෙල හඳුන්වා දිය හැකිය. මෙම සම්මාන උළෙලේ දී ලංකාවේ නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණයේ විශිෂ්ටතම 5S ක‍්‍රියාකාරිකයන් 5S, කයිසන්, CSR and Sustainability යන ප‍්‍රධාන ඛාණ්ඩ ත‍්‍රිත්වය යටතේ රන්, රිදී, ලෝකඩ සහ කුසලතා වශයෙන් ඇගයීමට ලක් වේ.

MAS හි JASTECA සම්මාන ලාභීන්:

TAIKI AKIMOTO 5S රන් සම්මානය -(මහා පරිමාණ): MAS ACTIVE (PRIVATE) LIMITED – LINEA INTIMO

TAIKI AKIMOTO 5S රිදී සම්මානය – :මහා පරිමාණ: කටුනේරිය MAS ACTIVE SHADOWLINE

TAIKI AKIMOTO 5S ලෝකඩ සම්මානය – :මහා පරිමාණ MAS KREEDA SYNERGY DIVISION AVISSAWELLA MAS ACTIVE ASIALINE DIVISION - MIDDENIYA

TAIKI AKIMOTO 5S – කුසලතා සම්මානය: නිට්ටඹුව MAS ACTIVE SLEEKLINE

2017 NAGAAKI YAMAMOTO KAIZ රිදී සම්මානය: මහනුවර MAS ACTIVE CONTOURLINE

2017 NAGAAKI YAMAMOTO KAIZEN කුසලතා සම්මානය: අවිස්සාවේල්ල MAS KREEDA SYNERGY DIVISION

x IAN DIAS ABEYSINGHE MEMORIAL JASTECA CSR /SUSTAINABILITY ලෝකඩ සම්මානය: LINEA AQUA (PVT) LTD

2017 ඉයන් ඩයස් අබේසිංහ අනුස්මණ JASTECA CSR /SUSTAINABILITY කුසලතා සම්මාන:

MAS FABRICS (PVT) LTD, – MATRIX හි ශක්තිමත් තරුණ නායකත්ව වැඩසටහන

MAS ACTIVE TRADING (PVT) LTD – LINEA INTIMO හි විහාරමහාදේවි ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය.

MAS ACTIVE (PVT) LTD, – CONTOURLINE හි Eco Club Initiative”

TAIKI AKIMOTO 5S අනුමැති සහතිකය: MAS Kreeda - Linea AITC

රෙදි පිළි හා නිමි ඇඳුම් ක්‍ෂේත‍්‍රයේ ගෝලීය අවශ්‍යතා සපුරමින්, ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කරමින්, ලොව අකර්ශණය දිනාගත් විලාසිතා සපයන ආයතන අතුරින් ප‍්‍රමුඛ ස්ථානයට පැමිණි MAS හෝල්ඩින්ග්ස් සමාගම, ඇමරිකානු ඩොලර් බිලියන 8.1ක ආදායම් උද්පාදනය තුළින් ක‍්‍රියාත්මක වන ආයතනයකි. දකුණු ආසියාවේ විශාලතම රෙදි පිළි හා නිමි ඇඳුම් නිෂ්පාදකයා වන MAS හෝල්ඩින්ග්ස් සමාගම්, ශ‍්‍රී ලංකාව කේන්‍ද්‍ර කරගනිමින් රටවල් 16 ක් පුරා ව්‍යාප්තව නිෂ්පාදන ආයතන 53 කින් යුතු ආයතනයකි. ලොව ප‍්‍රමුඛතම අළෙවි මධ්‍යස්ථානයන් හි අළෙවිහල් පිහිටුවීමටද සමත්ව ඇති මෙම ආයතනය 95,000 කට අධික වූ සෙවක පිරිසකගේ ශක්තිය තුළින් ක‍්‍රියාත්මක වන්නකි. උපායමාර්ගික සැළසුම් තුළින් පරිපූර්ණත්වයට පත්වෙමින් සමතුලිතවූ ඒකාබද්ධ සැපයුම් දාමයක් දියත් කිරීමට සමත් වීමෙන් සිය ශක්තිය ගොඩනගා ගත් MAS ආයතනය, සිය දැනුම සහ උපක‍්‍රම තුළින් මේ ක්‍ෂේත‍්‍රයේ වර්ධනය සඳහා ද විශාල දායකත්වයක් ලබා දීමට සමත්ව ඇත. MAS හෝල්ඩින්ග්ස් සමාගම සතු අචාරධර්ම සහ තිරසර වැඩ පරිසරය තුළින් ගෝලීය වශයෙන් කීර්තියක් අත් කරගැනීම මෙම ආයතනය සතු අභිමානයයි. නිරන්තරව කාන්තාව සතු ශක්තිය සහ හැකියාව වර්ධනය කිරීම තුළින් ඇය සවිබල ගැනීවීමේ කාර්යයේ නිරත මෙම ආයතනය, නව සිතුම් ආකල්ප තුළින් මෙතෙක් පැවති ලෝක සම්මතයන් බිඳ දමමින් නව ඥාණයක් නිර්මාණය කිරීමට ද සමත්ව ඇත. ව්‍යාපාරික ජාලයක් ලෙස MAS හෝල්ඩින්ග්ස් සමාගම ලොව ජනප‍්‍රිය විලාසිතා සන්නාම සමඟ අත්වැල් බැඳ ගනිමින් ජනතාව, ඔවුන්ගේ විලාසිතා මෙන්ම ඔවුනගේ ආකල්ප 

Rate this item
(0 votes)