April 18, 2024

මැදවච්චියට මෙගා කෝප්සිටි සංකීර්ණයක්  

කෝටි දෙක හමාරක පමණ මුදලක් වැය කර ඉදිකළ මැදවච්චිය මෙගා කෝප්සිටි සංකීර්ණය අද විවෘත කෙරිණ.

 

ළමා සංවර්ධ හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර, උතුරුමැද පළාත් අධ්‍යාපන සංස්කෘතික කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය කේඑච් නන්දසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කළේ ය.

එහි දී පාරිභෝගියාට අවශ්‍ය සියළු භාණ්ඩ මෙන් ම කෝප් ටෙක්ස් රෙදි අළෙවිය සැපයීම විශේෂත්වයකි. එම අවස්ථාවට මහජන නියෝජිතයින් රැසක් ද මැදවච්චිය විවිධ සේවා සමුපාකාර සමිතියේ සභාපති බීඑම්ටීබී හේරත් මහතා ඇතුළු රාජ්‍ය අංශ නිලධාරීන් විශාල පිරිසක් ද එක් ව සිටියහ.

අමිල වනසිංහ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 March 2014 16:56