April 19, 2024

මුදල් නෝට්ටු මිලියන 270 ක් අලුතෙන් අච්චු ගසයි

2017 වර්ෂයේ දී ආර්ථිකය තුළ ව්‍යවහාර මුදල් සඳහා වන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු මිලියන 270 ක් මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කළ අතර සංසරණය තුළ ගුණාත්මක තත්ත්වයේ නෝට්ටු පැවතීමත්, මහජන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තොග පැවතීමත් තහවුරු කිරීම සඳහා අදාළ සැපයුම් ගෙන්වීම ඉදිරි වර්ෂවල දී සිදු කරනු ලැබේ.

රුපියල, රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 කාසි ප්‍රමාණයෙන් කුඩා කරමින් මල නොබැඳෙන වානේ ලෝහයෙන් නිෂ්පාදිත සංසරණය තත්ත්වයේ පවතින නව කාසි කාණ්ඩයක් නිර්මාණය කිරීමට ද කටයුතු කරන ලදී. මෙම නව කාසි කාණ්ඩය මගින් ටංකන පිරිවැය අවම කිරීම හා කාසි හැසිරවීම පහසු කිරීම අපේක්ෂා කරනු ලබන 2017 මහ බැංකු වාර්තාව සඳහන් කර සිටී.

Rate this item
(0 votes)