April 25, 2024

විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර ගැනේ

 විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, දිවයින පුරා සුළු, මධ්‍යම සහ වාණිජ මට්ටමින් විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව ය.

මෙම වසර තුළදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2500ක ආදායමක් අපේක්ෂා කරන බව ද අධිකාරිය සඳහන් කළේ ය.

විසිතුරු මත්ස්‍ය වගාව සඳහා තරුණ තරුණියන් දිරි ගැන්වීම හා ගොවිපොළ හිමියන් වාණිජ වගාව සඳහා දිරි ගැන්වීමට ද ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

Rate this item
(0 votes)