April 20, 2024

බැකෝ යන්ත්‍ර භාවිත කර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 15ක්

බැකෝ යන්ත්‍ර භාවිත කර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 15ක් පමණ ලබා දී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, සාමාන්‍ය පතල් කම්කරුවෙකුට කැණීම් කළ නොහැකි ජීවිත අවදානම් සහිත ප්‍රදේශවල මැණික් ගැරීම සඳහා මෙම බලපත්‍ර නිකුත් කළ බව ය.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සිදු කරන යාන්ත්‍රික මැණික් ගැරීම 2016 වසරේ සැප්තැම්බර් 11 වන දා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අත්හිටුවනු ලැබී ය.

ඒ, යාන්ත්‍රික මැණික් ගැරීම් බලපත්‍රලාභීන් කළ නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ඉන් සිදුවූ පාරිසරික හානි සැලකිල්ලට ගනිමිනි.

එහෙත් ප්‍රබල ජීවිත අවදානම් සහිත ස්ථානවල කැණීම් සඳහා පමණක් අදාළ බලපත්‍ර නිකුත් කළ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ ය.

Rate this item
(0 votes)