March 29, 2024

හෙදියන්ට ඇමරිකාවේ රැකියා වරම්

ඇමරිකා එක්සත් ජනපදයේ බලයලත් බඳවා ගැනීමේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ KARMA සේවය ශ්‍රී ලංකාවේ වෙසෙන හෙදියන් (ගැහැණු සහ පිරිමි)  සඳහා ඇමරිකාවේ රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා හෙදි බලපත්‍රය ලබා සිටීම සහ අවම වශයෙන් අවුරුදු දෙකක රෝහල් හෙදි අත්දැකීම, හෙදි ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හෝ හෙදි ඩිප්ලෝමාවක් ලබා තිබීම මේ සඳහා මූලික සුදුසුකම් ලෙස සැලකේ.

මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ක්‍රමයේ සහතිකයක් (IELTS – 6.5 – SPK 7) ලබා තිබීම අනිවාර්යය වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ සහ බඳවා ගැනීමේ අංශය වෙතින් ලබා ගත හැකිය.

 

Rate this item
(0 votes)