April 20, 2024

රුපියලේ අගය පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනය තුළදී වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබේ.

ඒ, ඩොලර් සඳහා ආනයනකරුවන්ගේ පැවති අධිඉල්ලුම හේතුවෙනි.

ඊයේ දිනය තුළදී අමෙරිකානු ඩොලර් 1 ක් රුපියල් 156.35 – 156.50 ත් අතර දෝලනය වූ බව වෙළෙඳපොළ තොරතුරු අනාවරණ කර ඇත.

මේ වන විට අමෙරිකානු ඩොලර් 1 ක් රුපියල් 156.30 – 156.40 ත් අතර අගයක රැඳී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවල දැක්වෙන්නේ මේ වසරේ ආරම්භයේ සිට ඉකුත් අප්‍රේල් 5 වන දා වන විට රුපියලේ අගය 2% කින් අවප්‍රමාණය වී ඇති බවයි.

එම කාලය තුළ යුරෝවලට සාපේක්ෂව රුපියලේ අගය 4.8%කින් ද ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව රුපියලේ අගය 4.8% කින් ද ජපාන යෙන් 1ට සාපේක්ෂව 7.1% කින් අවප්‍රමාණය වී තිබේ.

Rate this item
(0 votes)