April 24, 2024

ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි රු. බිලියන 11 ක කොටස් මිල දී ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළේ මෑත ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම කොටස් ප්‍රතිමිලදී ගැනීම, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් සම්පූර්ණ කරන ලද බව නිවේදනය කර සිටී.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 317.97 ක් රු. 36.70 බැගින් ප්‍රතිමිලදී ගනු ලැබ අතර ඒ සඳහා යොදවන ලද සම්පූර්ණ මුදල රු. බිලියන 11.669 කි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය සාමාන්‍ය රක්ෂණ අංශය රුපියල් බිලියන 16.4 කට ජර්මනියේ Allianz  සමාගම වෙත පසුගිය පෙබරවාරි මාසයේ දී විකුණා දැමූ අතර ඉන් ලද ප්‍රතිලාභයෙන් පංගුවක් සිය කොටස්කරුවන් වෙත ලබා දීමේ අරමුණින් මෙම කොටස් ප්‍රතිමිලදී ගැනීම සිදුකරන ලදී.

මේ සම්බන්ධයෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලද සංක්ෂිප්ත වාර්තාවක් පහත දැක්වේ.

Rate this item
(0 votes)