April 20, 2024

අවුරුදු සතියට දකුණු අධිවේගයේ ආදායම 15%කින් ඉහළට

සිංහල දෙමළ නව අවුරුදු සමයේ අප්‍රේල් 10 සිට 16 දක්වා සතියක කාලය තුළ දී රුපියල් මිලියන 105 ක ආදායමක් දකුණු අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය තුළින් වාර්තා වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මෙම කාලය තුළ රථවාහන 372,000 කට වැඩි ප්‍රමාණයක් දකුණු අධිවේගී මාර්ගය භාවිත කර තිබේ.

මෙම ආදායමෙන් රුපියල් මිලියන 23ක් අප්‍රේල් 15 දින වාර්තා වී ඇති අතර එම දිනයේ දී දකුණු අධිවේගී මාර්ගය භාවිත කර ඇති මෝටර් රථ ප්‍රමාණය 79,700 ඉක්මවා ඇත.

මේ අතර අප්‍රේල් 14 දින 50,000 කට අධික මෝටර් රථ ප්‍රමාණයක් දකුණු අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇති අතර එමඟින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 14 ඉක්මවා තිබේ.

2017 වසර තුළ දී රුපියල් මිලියන 230 ක ආදායමක් අධිවේගී මාර්ගවලින් ඉපයීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමත් වී තිබේ. මෙය 2016 වසරට වඩා 25% ක ඉහළ යාමකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 April 2018 10:21