March 29, 2024

සිකුරාදා බැංකු වැඩ වරුවකට සිමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 අප්‍රේල් 20 වන සිකුරාදා, දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින යෙදුණු අප්‍රේල් 14 දා සෙනසුරාදා දිනයක් වීම නිසා මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇත.

මේ හේතුවෙන් 2018 අප්‍රේල් 20 සිකුරාදා දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහන 12.00 ට අවසන් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා විසින් තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී සිටී.

මෙම විශේෂ දින භාගයක නිවාඩුව, බැංකුවලට පමණක් අදාළ වන අතර එය රජයේ හෝ වෙළෙඳ නිවාඩුවක් ලෙසින් ප්‍රකාශයට පත් කර නොමැත.

Rate this item
(0 votes)