April 25, 2024

තැපෑලෙන් online භාණ්ඩ බෙදා හැරීමේ සේවාවක්

තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සේවාවන්ගෙන් ඔබ්බට ගොස් දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන වලට දේශිය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් සොයා දීම හා එම නිෂ්පාදන භාණ්ඩ තැපැල් සේවාව හරහා බෙදා හැරිම සඳහා අන්තර්ජාලය මඟින් නව ක්‍රමවේදයක් ආරම්භ කොට ඇත.

මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් http:bepost.lk නමින් නව වෙබ් අඩවියක් ද ක්‍රියාත්මක කොට තිබේ.

දේශිය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවිමත් ඔවුන්ගේ නිෂ්පාදන දේශීය හා විදේශිය වශයෙන් අලෙවි කිරිමට අවස්ථාව සළසාදීමත් මෙම වැඩපිළිවෙලේ අරමුණ බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.ඒ හලිම් මහතා පවසයි.

රජයේ තිරසාර සංවර්ධන වැඩ පිළිවෙලට ශක්තියක් වෙමින් රටේ ජාතික ආර්ථිකය වර්ධනය කිරිම සඳහා දේශිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ට වෙළෙඳපොළක් සොයා දිය යුතුය. මේ මඟින් භාණ්ඩ බෙදා හැරිමේ දි තැපැල් දෙපාර්තමේන්තුවට ද විශාල ආදායම් ලබා ගත හැකි බව ද ඇමතිවරයා පැවසුවේ තැපැල් මුලස්ථානෙය් පසුගියදා (10) පැවැති මාධ්‍ය හමුවක දීය.

දැනටමත් bepost.lkවබි අඩවිය මඟින් සිය භාණ්ඩ අලවි කිරිම සඳහා ක්ෂුද්‍ර , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 200 කට අධික සංඛ්‍යාවක් ඒහි ලියාපදිංචි වි තිබේ. http:bepost.lkවබි අඩවිය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරිම තැපැල් දෙපාර්තෙම්න්තුව මඟින් සිදු කෙරෙන අතර නිෂ්පාදකයින්ට දින 15 ක පමණ කාලයක් අතුළත මුදල් ගෙවීම් සිදු කෙරේ. මේ මඟින් භාණ්ඩ ගෙන්වා ගන්නා ගැණුම් කරුවන්ට ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් මඟින් ඒ් සඳහා මුදල් ගෙවිමට පුළුවන.

අන්තර් ජාලය ඔස්සේ අෙලවි කරන භාණ්ඩ වල ප්‍රමිතිය පිළිබඳව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් පරික්ෂා කරන අතර ඒවාට ප්‍රමිති සහතික නිකුත් කෙෙර්.ඒ මඟින් අපනයන භාණ්ඩ වල ගුණාත්මක තත්ත්වය පිළිබඳව අධිකාරියට සභතික කළ හැකි බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේ දී පැවසීය.

Rate this item
(0 votes)