April 25, 2024

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ලංකාවෙන් 2ක්

වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්, විචාරකයින්, සූපවේදීන් හා අවන්හල් පාලකයින් ඇතුළු 300 කට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තේරීම සිදුකර තිබුණි. ආසියාව පුරා භූගෝලීය කලාප 6 ක් ආවරණය වන පරිද්දෙන් මේ සඳහා නම් කෙරුණු අවන්හල් තෝරා ගෙන තිබේ.

මෙවර ආසියාවේ හොඳම අවන්හල ලෙසින් බැංකොක් හි Gaggan තේරුණු අතර එහි දෙවන ස්ථානය ටෝක්යෝ නුවර Den පත් විය.

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට එක්වීමට මෙවර ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi සමත්වී තිබේ.

ආසියාවේ හොඳම අවන්හල් 50 අතර 25 වැනි ස්ථානය Minstry of Crab හිමිකර ගත් අතර එම ලැයිස්තුවේ 45 වැනි ස්ථානය Nihonbashi මෙහිදී හිමිකර ගත්තේ පසුගිය වසරේ මෙම සම්මාන උළෙලේ දී ලද 49 වැනි ස්ථානයේ සිට ස්ථාන 4 ක් ඉදිරියට යමිනි.

සූපවේදියෙකු ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දර්ශන් මුනිදාස Nihonbashi හි නිර්මාතෘවරයා වේ. ඔහු සහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙපළක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් එක්ව අරඹන ලද හවුල් ව්‍යාපාරයක් ලෙසින් Ministry of Crab ආරම්භය සනිටුහන් විය.

ජපාන ආහාර වෙනුවෙන්ම වෙන් වූ අවන්හලක් ලෙසින් ඇරඹි Nihonbashi මෙන්ම අපනයන තත්ත්වයේ කකුළුවන්ගෙන් සකස් කෙරෙන ආහාර සඳහා ම වෙන් වූ Ministry of Crab වර්තමානයේ දී කොළඹ නගරයේ පමණක් නොව ජාත්‍යන්තරය පුරාවට ද ඉමහත් ජනප්‍රියත්වයක් අත්පත් කර ගෙන තිබේ.

දර්ශන් මුනිදාස මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

මෙවර නම්කෙරුණු ආසියාවේ හොඳම අවන්හල් 50 පහත දැක්වේ.

01. Gaggan, Bangkok
02. Den, Tokyo
03. Florilege, Tokyo
04. Suhring, Bangkok
05. Odette, Singapore
06. Narisawa, Tokyo
07. Amber, Hong Kong
08. Ultraviolet by Paul Pairet, Shanghai
09. Nihonryori RyuGin, Tokyo
10. Nahm, Bangkok
11. Mingles, Seoul
12. Burnt Ends, Singapore
13. 8 ½ Otto e Mezzo Bombana, Hong Kong
14. Le Du, Bangkok
15. Raw, Taipei
16. Ta Vie, Hong Kong
17. La Cime, Osaka
18. Mume, Taipei
19. Indian Accent, New Delhi
20. L’Effervescence, Tokyo
21. Locavore, Bali
22. The Chairman, Hong Kong
23. Waku Ghin, Singapore
24. Lung King Heen, Hong Kong
25. Minstry of Crab, Colombo
26. Jungsik, Seoul
27. Sushi Saito, Tokyo
28. Il Ristorante – Luca Fantin, Tokyo
29. Les Amis, Singapore
30. Fu He Hui, Shanghai
31. Paste, Bangkok
32. Neighborhood, Hong Kong
33. Eat Me, Bangkok
34. Hajime, Osaka
35. Jade Dragon, Macao
36. Corner House, Singapore
37. Bo Lan, Bangkok
38. Quintessence, Tokyo
39. Issaya Siamese Club, Bangkok
40. Belon, Hong Kong
41. Ronin, Hong Kong
42. TocToc, Seoul
43. The Dining Room at the House on Sathorn, Bangkok
44. Jaan, Singapore
45. Nihonbashi, Colombo
46. Caprice, Hong Kong
47. Shoun RyuGin, Taipei
48. La Masion de la Nature Goh, Fukuoka, Japan
49. Wasabi by Morimoto, Mumbai
50. Whitegrass, Singapore

Rate this item
(0 votes)