April 19, 2024

ඔඩිලියා හෝම්ස් වෙතින් අතුරුගිරියෙන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

ඔඩිලියා හෝම්ස් සමූහ ව්‍යාපාරයේ නවතම මහල් නිවාස සංකිර්ණය “ASPIRE”අතුරුගිරියේ ආරම්භ කිරීමට ඉතා විචිත්‍රවත්ව සූදානම් කර තිබේ. මේ නිවාස සංකීර්ණය නිවාස ඒකක 150කින් සමන්විතය. ASPIRE නිවාස සංකීර්ණයේ දී ඔබේ ජීවිතය නවීන පන්නයේ ජීවන රටාවක් බවට පත් කරමින් සුවපහසු බවත්, ආරක්ෂාවත් සැපයීමට සමාගම අවශ්‍ය සෑම උත්සාහයක්ම ගෙන ඇත.

දිය කඩිතිවලින් පිරුණු වෙල්යාය පෙනෙන මානයේ මනස්කාන්ත පරිසරයකින් වටවූ ස්ථානයක ඉදිවෙන මේ නිවාස සංකීර්ණය නිරීක්ෂණ අවස්ථාවේදීම අනාගත ගැනුම්කරුවන්ගේ සිත් දිනාගන්නා බවට කිසිදු සැකයක් නැත. විවිධ වර්ගයේ කුරුළු විශේෂ සුලභව දක්නට ලැබෙන බැවින් කුරුල්ලන් නැරැඹීමත් සිත් ඇදගන්නා සුළු කරුණකි.

මෙම නිවාස සංකීර්ණය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව සහ හැකියාවට සරිලන ආකාරයේ ලක්ෂ 60 සිට 120 දක්වා නිවාස වර්ග පෙළකින් සමන්විතය. ඔවුන්ට ඉදි කිරිමේ සැලසුම අනුවත්, මෝස්තරය අනුවත් වඩාත්ම ගැලපෙන නිවාස ඒකකය තෝරාගත හැකිය.

ASPIRE නිවාස සංකීර්ණයේ සිට අතුරුගිරිය අධිවේගී හුවමාරුවට (Highway Interchange) මිනිත්තු 3ක දුරක් පමණි. ASPIRE යනු නගරයක් තුළ සියළු පහසුකම්වලින් යුතු තවත් නගරයකි. මේ විශිෂ්ට ව්‍යාපෘතියට වාසිගෙන දෙන තවත් විවිධ හේතු රැසකි. මේ නිවාස සංකීර්ණයෙන් 73%ක්ම විවෘත ප්‍රදේශයක් වේ.

ඉතා අලංකාර මල්වලින් පිරුණු ගෙවත්තක්, වාහන නවාතැන්පලක්, සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන විදුලි පහන්වලින් සමන්විත තාර දැමූ මංමාවත් එහි ඉදි කෙරේ.

මහල් 6කින් සමන්විත මේ විශිෂ්ට නිවාස ව්‍යාපෘතියට නිවාස ඒකක 150කි. සෑම නිවාස ඒකකයකටම වෙන වෙනම බැල්කනි ඇතුළත්ය. අලංකාර පිහිනුම් තටාකයක්, අංග සම්පූර්ණ කායවර්ධන මධ්‍යස්ථානයක්, ඉඩකඩ සහිත මිතුරු සමාගමට කදිම සමාජ ශාලාවක්, BBQ මණ්ඩපයක්, කුඩා වෙළෙඳපොලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, සැලෝන්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ළමා උද්‍යානයක් වැනි තවත් විවිධාකාරයේ අවශ්‍යතා සඳහා ඉදි කිරීම් කෙරේ.

විදුලි සෝපාන සහිත මේ නිවාස සංකීර්ණය මුළුමනින්ම සී.සී.ටී.වී කැමරා පද්ධතියකින් සහ පැය 24 ආරක්ෂක සේවාවකින් සමන්විතය. ඇවිදින මං තීරු, සුවපහසු වාහන නැවතුම් මෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා විශේෂ පහසුකම් රැසකි.

සෑම නිවාස ඒකකයකටම ඔබේ බලාපොරොත්තු ඉක්මවා යන තරමේ නිමාවකින් යුතු කාමර 2ක සිට 3ක් දක්වා ඇතුළත් කෙරේ. ඔබේ පහසුව සඳහා නිරීක්ෂණයට ඔබින ආකාරයේ නිවාස ආකෘතියක් නිවාස සංකීර්ණය යෝජිත ස්ථානයේ ඉදි කර තිබේ.

වැඩි විස්තර සඳහා www.odiliyaresidencies.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 March 2018 17:33