April 20, 2024

අලුත්ම දැවැන්තයා “The One“

කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව එහි පාර්ශවකාර සමාගමක් වන The One Transworks (Pvt) Ltd හි ඇලෙක්ස් ලොවෙල් පවසයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

අක්කර 4.3 ක් පුරා විහිදුනු අති සුඛෝපභෝගී, සුපිරිතම ආගන්තුක සත්කාරයක් සහිත, අදහාගත නොහැකි පරිසරයක පිහිටි අපූර්වතම භෝජන අත්දැකීමක් ලබා දෙන කුළුණු තුනකින් සමන්විත සුපිරි තරු පහේ හෝටලයක්, අති සුඛෝපභෝගී සිල්ලර වෙළෙඳ සංකීර්ණයක්, ව්‍යාපාරික වාතාවරණයන්ට වඩාත් හොඳින් ගැලපෙන වාණිජ කාර්යාල සංකීර්ණයක් මෙන්ම ඉතාමත් අලංකාරව නිම වුණු සුපිරි නිවාස 638 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ද මගින් නාගරික සංවර්ධනයේ හැරවුම සනිටුහන් කරන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු කලාපයේම වඩාත් අපේක්ෂා සහගත සංවර්ධන ව්‍යාපෘතියකි.

ඩොලර් මිලියන 500 ක් ඉක්මවන ආයෝජනයක් වන මෙය සෘජුවම රැකියා 3,000 ක් පමණ උත්පාදනය කරනු ලබන බව ව්‍යාපෘති කොටස්කරුවන් පවසයි.

The One ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2017 සැප්තැම්බර් මස ආරම්භ කෙරුණු අතර එහි පළමු අදියරෙහි කටයුතු 2021 දෙසැම්බර් මස වන විට අවසන් වීමට නියමිතය.

මෙම සංකීර්ණයේ ඉදිවන නිවාස වර්ග අඩි 1,700 සිට වර්ග අඩි 4,000 දක්වා ප්‍රමාණවලින් වන අතර ඒවා නිදන කාමර දෙකේ සිට හතර දක්වා තෝරා ගත හැකි මාදිලිවලින් යුක්ත ඒවා වේ. මෙම නිවාස අලෙවි කරන මිල වර්ග අඩියන් ඇමරිකානු ඩොලර් 450 සිට වේ.

The One ව්‍යාපෘතියේ ඉදිකෙරෙන සුපිරි තරු පහේ හෝටලය කාමර 473 කින් යුක්ත වේ.

Rate this item
(0 votes)