April 20, 2024

ඕස්ට්‍රේලියානු වෙළඳ කටයුතු ඇමතිවරයා NSBM හරිත සරසවිය නිරීක්ෂය කරයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළඳ කටයුතු, නවෝත්පාදන, ඩිජිටල් ආර්ථික සහ කුඩා ව්‍යාපාර පිළිබඳ ගරු අමාත්‍ය ෆිලිප් ඩලිඩකිස් මැතිතුමන් සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඕස්ටේලියානු රාජ්‍ය කොමසාරිස් මිෂෙල් වෙඩ් මහත්මිය ඇතුළු ඕස්ට්‍රෙලියානු දූත පිරිසක් ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය සහ ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලය ඒකාබද්ධව පිරිනමන උපාධී පාඨමාලාවන් පිළිබඳ ව වැඩිදුර සොයා බැලීම හා NSBM හරිත සරසවි නගරයේ විශේෂ චාරිකාවක් සඳහා පසුගියදා සහභාගී විය.

මෙහිදී NSBM හරිත සරසවි නගරයේ කටයුතු පිළිබඳව ප්‍රසංසාත්මකව කතා කළ ඒ මහතා මෙරටේ නිපුණතා සංවර්ධය සහ වෘත්තීය පුහුණූව නැංවීම සඳහා තම රටේ උපරිම සහාය ලබා දීමට මැදිහත්වන බවද පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණූ අමාත්‍ය අධීනීතීඥ චන්දිම වීරක්කොඩි මහතා  මෙසේ අදහස් දක්වා ඇත.

“අප රටේ අධ්‍යාපනය සකස් වී ඇත්තේ අවසානයේදී සහතිකයක් ඉලක්ක කරගෙන නමුත් ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවල් වල අධ්‍යාපනය සකස් වී ඇත්තේ නවෝත්පාදනය හා අළුත් යමක් ආරම්භ කිරීම ඉලක්ක කර ගෙනයි. NSBM හරිත සරසවිය ශ්‍රි ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාලවලින් වෙනස් වන්නේ එහි පාඨමාලාවන් ද නවෝත්පාදනය හා අළුත් යමක් ආරම්භ කිරීම ඉලක්ක කරගෙන වීමයි. NSBM හරිත සරසවිය ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලය වැනි විශ්වවිද්‍යාලවල අභාසය ලබා ගෙන එහි සංස්කෘතිය මෙරට තුලට ගෙවිත් තිබෙනවා. මම ස්තූතිවන්ත වෙනවා ඕස්ට්‍රේලියානු රජයට, ඔවුන් අපිට ආරාධනය කොට තිබෙනවා, තවදුරටත් ඔවුන්ගේ අධ්‍යාපනය හැදෑරීම සඳහා එම රටේ සංචාරය කිරීමට. එම සංචාරයෙන් පසු අප රටේ වෘත්තීය අධ්‍යාපනය තවදුරටත් නවීකරණය කිරීමට අප බලාපොරොත්තු වනවා”

මේ අවස්ථාවේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණූ අමාත්‍යංශයේ ලේකම් පී.රනේපුර මහතා ද NSBM හරිත සරසවි නගරයේ උප කුළපති ආචාර්ය ඊ්. ඒ වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක් විය.

ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලය ඒකාබද්ධව පිරිනමන උපාධි පාඨමාලාවක් හදාරන සිසුන් සහ දෙමාපියන් සමග සුහද හමුවක්ද පැවැත්වීම මේහිදී විශේෂත්වයක් විය.

2016 වර්ෂයේ ඔක්තෝබර් මස ආරම්භ කරණ ලද NSBM හරිත සරසවියේ මේ වන විට සිසු සිසුවියෝ 9000 පමණ දේශීය සහ විදේශීය උපාධී අධ්‍යාපනය හදාරනු ලබති.

මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සනිටුහන් කිරීම පිණිස NSBM හරිත සරසවි නගරයේ රුක්රෝපන වැඩසටහනකට ද මෙම සම්භාවනීය අමුත්තන් පිරිස සහභාගී වූහ.

Rate this item
(0 votes)